Wednesday, March 18, 2009

ජීවිතය

ජීවිතය

ඕනකමක් තිබුනත් කාලෙකින් නොලියූ ඇත්ත,
හිතා ගන්න බැරි විදියට අවුල් වෙලා හිත,

අනේ මන්ද ,හිතා ගන්න කවදා වත් බැරි වෙයි.ජීවිතය කියන්නෙ මොකක්ද කියල,

අපි කැමතිම දේ නොලැබෙන,අකමැති දේ ලැබෙන .....................

ජීවිතේ කියන්නෙ කවද කවුරු තේරුම් අරගන්න දෙයක් ද කියල හිතෙනව,ඒක තෙරුම් ගන්න බැරි එකනන් ලෝකෙ අවසනාවන්තම දෙයක් තමයි.

මේ පැටලවිලි අස්සෙ ආදරේ ඔක්කොටම වැඩිය අවුලක නේද ?

කාට ආදරේ කරන්නද,කවුරු ආදරේ කරනවද කියන එක කොහොමද දැන ගන්නෙ?

Km, Kg වගේ මනින්න පුලුවන්නන් ඇත්ත දැන ගන්න පුලුවන්.


ආදරය කියන එක අනිවාර්යයෙන්ම ප්‍රකාශ වෙනන් ඔන,කොයිතරම් ආදරේ කලත් හිතින්, ඒක වෙන කිසිම කෙනෙකුට දැන ගන්න බැරි බව නොදැන සිටීමම ඇති අලුත් ප්‍රශ්නයක් ඇති කරගෙන ඒක මත ජීවිතේ වනස ගන්න.

ආදරේ අනිවාර්යයෙන්ම ප්‍රකාශ වෙනන් ඔන දෙයක්,හිත ඇතුලෙ තියාගෙන ඉන්න ඕන දෙයක් නෙවේ.කාට උනත් ඒක පොදුයි.


ආදරේ කියන්නෙ උපරිම විදියට දෙන්න ඕන , ලබන්න ඕන දෙයක්,

ඒකෙ අඩුවක් උනොත් කොයිම මොහොතක හරි මොනම හරි හේතුවක් නිසා හරි ඒක බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා මැරෙයි,ආදරේ මදිවෙලා හුස්ම ගන්න අමතක වෙයි,

ඒ අතරට සැකය ,දෙයියනේ මොනතරම් දේවල් එකතු කරයිද ජීවිතේට,

ආදරේ අතරට සැකය කොහෙත්ම එන්න හොඳ නෑ.

කෙනෙකුගෙ ජීවිතේ පවතින්නෙ තව කෙනෙක් ගෙ ආදරේ මතම විතරයි.

මොන චන්ඩියත් ආදරේ ඉදිරියෙ යටත් වෙනව,

ආදරේ උපරිමටම තව කෙනෙකුට දෙන්න බැරි නන් පටන් ගන්න එපා ආදරය කරන්න.

අවුල් ගොඩක් තියෙන මේ පැටලිලි ජීවිතේ හිතා ගනන් බැරි විදියට වෙනස් වෙන හිත් එක්ක අපි මැරෙනකන් කරන මේ යුද්ධය නිවන් දකින තුරුම කරන්න වෙන එක තමයි ඇත්ත,

අනේ මන්ද කිසිම ගැලපීමක් තියෙනවද කියල මේ වචන වල,


No comments:

Post a Comment