Tuesday, March 24, 2009

හදවතට දැනෙන දෙය සොයා යන්න

හදවතට දැනෙන දෙය සොයා යන්න

සමහර විටෙක ඉරණම ඔබගේ හිසට ගඩොල් පහරක් දෙයි.එහෙත් විශ්වාසය අත් නොහරින්න.මා නොනැවතී ඉදිරියට ගෙනගිය බලවේගය වූයේ,කළ දෙය කෙරෙහි වූ මාගේ බලවත් ආසාවයි.ඔබ කැමති මොනවාටදැයි ඔබ තෙරුම් ගත යුතුය,ඔබගේ කාර්ය භාරය ,වැඩ ඔබගේ ජීවිතයේ විශාල කොටසක් වනු ඇත.සත්ය වශයෙන්ම සෑහීමකට පත්වීමට නම් ඔබ විශිශ්ඨ දෙයකැයි සිතන දෙය කළ යුතුය.විශිශ්ඨ දෙය කිරීමේ එකම මග ඔබ කරන දෙය ගැන ඔබ තුල ඇති කැමැත්තයි.එය ඔබට තවමත් දැනී නැත්නම්,එය සොයා යන්න.නිහඬ නොවන්න.සිතට සබැඳි සියලුම කාරණා මෙන්ම ඔබටද එය අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත.අනෙක් ඕනෑම විශිශ්ඨ සබඳතාවයකදී මෙන් වසර ගණනාවක් ගෙවී යනවිට එය ක්‍රමයෙන් හොඳ අතට හැරෙයි.ඉදින් අවැසි දෙය ලැබෙනතුරු සොයා යන්න.නිහඬ නොවන්න

පරිවර්තනය : සුමිත්‍රා රාහුබද්ධ

ස්ටීවන් පෝල් ජොබ්ස් (ඇපල් සමාගමේ සම-ආදි කර්තෘ, සභාපති ) ගේ චරිත කතාව ඇසුරිනී



No comments:

Post a Comment