Monday, May 18, 2009

මරනයේ ප්‍රීතිය

මරනයේ ප්‍රීතිය

මා දන්නා තරමට මරණයක් ඇසීම දුකකි,මරණයක් දැකිම දුකකි
මරණයකදී සුදු කොඩි ඔසවයි,අඬයි වැලපෙයි
සති ගනන් යන තුරා ඒ දුකින්ම තැවෙයි
මාස ගනන් යන තුරා කිරිබතක් කැවිල්ලක් නොසාදයි


එහෙත් පුදුමයකි
ලෝක ඉතිහාසයේ පලමු වතාව මෙයද මිනිසෙකුගෙ මරනයක් බලාපොරොත්තුවෙන් හැම දෙනාම සිටීම.

මැරිලද? මැරිලද?හැමෝම අහන්නෙ එකම දෙයයි,
ඒ සතුටු දායක ප්‍රවුර්තිය අසනා තෙක් කී දාහක් දෙනා බලා සිටියාද?

අපි බවුද්දයොද?

දකින්නෙ කුමක්ද මා?

ගෙයක් ගෙයක් ගානේ සුදු කොඩි වෙනුවට සිංහ කොඩියයි
ගෙයක් ගෙයක් ගානෙ ප්‍රීති නාදයයි
රබන් ගසයි
කිරිබත්ද උයයි
කිරි උතුරවයි
ඒ විතරක්ද
ලක්ශ දෙලක්ශ ගනනින් රතිඤ්යා
දස දෙස ප්‍රීති ඝෝශා

මරණයක් සමරන්න,පුදුමයි
මරණය මේ තරමට නින්දිත වී ඇති සැටි

මෙතුවක් කාලයක් පුරා දස දහස් ගනනින්
මවු,පියවරුනට දරුවන් අහිමි කල
දරුවන්ට මා පිය වරුන් අහිමි කල
සහෝදර සහෝදරියන් එකි නෙකාට අහිමි කල
සැමියාට බිරිඳ බිරිඳට සැමිය අහිමි කල ඝාතකයාගේ මරණය

කවදාවත් මරණයක් බලාපොරොත්තු නොවු ඝාතකයා
දහස් ගනනින් අහිංසකයින් මරා දැමු නිවට ඝාතකයා
ඔහුගෙ මරණයයි අප මේ සමරන්නේ

මේ අපේ රටයි,එය අපිට පමණයි.

යුද්ධය යුද්ධයෙන් ජයගත නොහැක්කේ නැත
ශ්‍රි ලංකාවට අවංකවම ආදරේ කල අපේ මිනිසුනේ
මේ අපේ කාලයයි

තවත් කිසිම දිනක නොවන්නට මෙවන් නරුමයකුගෙ ඉපදීම
වග බලා ගත යුතුමය.
.


මේ දිනය උදාකර දීමෙහිලා, සියලු ආශවන් අමතක කරමින් කැප කරමින් රණ බිමට බැස
තම ජීවිතය ගැන නොසිතා රට වේනුවෙන් මිය දුන රණ විරුවනේ
ඔබ සදාදතනිකය.

අපි ණය ගැතිය,කවදා ගෙවා නිම කල හැකිද ඒ ණය?

වවාගෙන නොකා නපුර පරාජය කල අපේ සිංහල විරුවණි අපි හිස නමන්නෙමු
ඔබ කල අගනා මෙහෙයට

අමතක නොකරන්නෙමි, මෙයද කීමට ආඩම්බරයෙන්
සැබෑ විරුවන් දකුණින්ම බිහි වන බව හැමදාටමත්. දේශපාලන මතයෙන් තොරව ප්‍රකාශ කරන්නෙමි )


උප්පත්තිය සිංහල වූ නමුදු,උප්පැන්න සහතිකයේ ජාතිය සිංහල වූ පමණින්
කිසි වකුත් සිංහල නොවේ.

එය ක්‍රියාවෙන්ම ඔප්පු කල යුතුය.

එය එසේම විය.


මුදල් වෙනුවෙන් හෝ වෙන හේතුවක් වෙනුවෙන් සිංහල ජාතිය විනාශයට ඇද දමන අමනයන් වැනසීමට සිංහලයනි එක් වෙමු.