Monday, May 18, 2009

මරනයේ ප්‍රීතිය

මරනයේ ප්‍රීතිය

මා දන්නා තරමට මරණයක් ඇසීම දුකකි,මරණයක් දැකිම දුකකි
මරණයකදී සුදු කොඩි ඔසවයි,අඬයි වැලපෙයි
සති ගනන් යන තුරා ඒ දුකින්ම තැවෙයි
මාස ගනන් යන තුරා කිරිබතක් කැවිල්ලක් නොසාදයි


එහෙත් පුදුමයකි
ලෝක ඉතිහාසයේ පලමු වතාව මෙයද මිනිසෙකුගෙ මරනයක් බලාපොරොත්තුවෙන් හැම දෙනාම සිටීම.

මැරිලද? මැරිලද?හැමෝම අහන්නෙ එකම දෙයයි,
ඒ සතුටු දායක ප්‍රවුර්තිය අසනා තෙක් කී දාහක් දෙනා බලා සිටියාද?

අපි බවුද්දයොද?

දකින්නෙ කුමක්ද මා?

ගෙයක් ගෙයක් ගානේ සුදු කොඩි වෙනුවට සිංහ කොඩියයි
ගෙයක් ගෙයක් ගානෙ ප්‍රීති නාදයයි
රබන් ගසයි
කිරිබත්ද උයයි
කිරි උතුරවයි
ඒ විතරක්ද
ලක්ශ දෙලක්ශ ගනනින් රතිඤ්යා
දස දෙස ප්‍රීති ඝෝශා

මරණයක් සමරන්න,පුදුමයි
මරණය මේ තරමට නින්දිත වී ඇති සැටි

මෙතුවක් කාලයක් පුරා දස දහස් ගනනින්
මවු,පියවරුනට දරුවන් අහිමි කල
දරුවන්ට මා පිය වරුන් අහිමි කල
සහෝදර සහෝදරියන් එකි නෙකාට අහිමි කල
සැමියාට බිරිඳ බිරිඳට සැමිය අහිමි කල ඝාතකයාගේ මරණය

කවදාවත් මරණයක් බලාපොරොත්තු නොවු ඝාතකයා
දහස් ගනනින් අහිංසකයින් මරා දැමු නිවට ඝාතකයා
ඔහුගෙ මරණයයි අප මේ සමරන්නේ

මේ අපේ රටයි,එය අපිට පමණයි.

යුද්ධය යුද්ධයෙන් ජයගත නොහැක්කේ නැත
ශ්‍රි ලංකාවට අවංකවම ආදරේ කල අපේ මිනිසුනේ
මේ අපේ කාලයයි

තවත් කිසිම දිනක නොවන්නට මෙවන් නරුමයකුගෙ ඉපදීම
වග බලා ගත යුතුමය.
.


මේ දිනය උදාකර දීමෙහිලා, සියලු ආශවන් අමතක කරමින් කැප කරමින් රණ බිමට බැස
තම ජීවිතය ගැන නොසිතා රට වේනුවෙන් මිය දුන රණ විරුවනේ
ඔබ සදාදතනිකය.

අපි ණය ගැතිය,කවදා ගෙවා නිම කල හැකිද ඒ ණය?

වවාගෙන නොකා නපුර පරාජය කල අපේ සිංහල විරුවණි අපි හිස නමන්නෙමු
ඔබ කල අගනා මෙහෙයට

අමතක නොකරන්නෙමි, මෙයද කීමට ආඩම්බරයෙන්
සැබෑ විරුවන් දකුණින්ම බිහි වන බව හැමදාටමත්. දේශපාලන මතයෙන් තොරව ප්‍රකාශ කරන්නෙමි )


උප්පත්තිය සිංහල වූ නමුදු,උප්පැන්න සහතිකයේ ජාතිය සිංහල වූ පමණින්
කිසි වකුත් සිංහල නොවේ.

එය ක්‍රියාවෙන්ම ඔප්පු කල යුතුය.

එය එසේම විය.


මුදල් වෙනුවෙන් හෝ වෙන හේතුවක් වෙනුවෙන් සිංහල ජාතිය විනාශයට ඇද දමන අමනයන් වැනසීමට සිංහලයනි එක් වෙමු.

Tuesday, April 28, 2009

නුගේගොඩ අවට ත්‍රීවීල් රියදුරනි මෙන්න ඔබට අනගි රැකියා අවස්ථාවක්්

නුගේගොඩ අවට ත්‍රීවීල් රියදුරනි මෙන්න ඔබට අනගි රැකියා අවස්ථාවක්

නුගේගොඩ තිබුන ට්‍රැෆික් එක අඩු කරන්න දාපු ගුවන් පාලම නිසා ඇතිවූ නව රැකියා අවස්ථාවෙන් තවම ගොඩක් අය ප්‍රයෝජනයක් අරගෙන නෑ.

බෝ ගහ ලඟ තිබුන බස් හෝල්ට් එක අනුලා විද්යාලය ටත් පොඩ්ඩක් එහාට ගෙනිහිල්ල තියෙන්නෙ,ඒ නිසා මහරගම පැත්තෙන් ඇවිත් බහින්න වෙන්නෙ එතන.

නුගේගොඩ හංදියට පයින් එන්න තව බස් හෝල්ට් එකක දුර පයින් එන්න වෙනවා.

එහෙම නැත්නන් Pizza Hut එක ලඟින් බහින්න වෙනව.

ඉතින් හොඳ නැද්ද ඔය කියන තැන් වල ඉඳල නුගේගොඩ හංදියට එන යන අයගේ පහසුව වෙනුවෙන් උදවුවක් විදියට ත්‍රීවීල් දෙක තුනක් තිය ගත්තනන්.හොඳ ආදායම් මාර්ගයක්.

විරැකියාවට විසඳුමක්.

දෙයියනේ කියල දෙහිවල ගුවන් පාලමත් මෙහෙමම දැම්මොත් මරේ මරු.

තවත් නව රැකියා උදා වෙනවා.



Wednesday, March 25, 2009

දේවදත්ත පංසල් ඇවිත් -ප්‍රසිද්ධ ඊ-මේල් එක ගැන

දේවදත්ත පංසල් ඇවිත්

පහුගිය දින වලදී කාගෙ කාගෙත් අවදනයට යොමුවු ප්‍රසිද්ධ ඊ මේල් එක ගැන කතා කරන්නයි මේ සැරසෙන්නේ,

කැලණි පංසල ඇවිත් සිටිය ගැටවරයා විසින් ඇදගෙන සිටි ටී ශර්ට් එකේ තිබුන වදන ගැන හැමෝම දකින්න ඇතිනෙ.

දැන ගෙන හෝ නොදැන ගෙන වෙන්න ඇති ඒ මෝඩ දරුව ඒක අදින්න එත්තෙ,නොදනින්න තරම් සිගිති දරුවෙක් නෙවේ කියන එක නන් ඕන කෙනෙකුට තේරෙනව.

ලංකාවෙ ඉන්න ගොඩ සුද්දො වෙන්න දඟලන අපේ යවුවනයො ගැන අනුකංපාවක් ම තමයි ඇති වෙන්නෙ.

කොල්ලොන්ට හපන් අපෙ මෝඩ ගොඩ සුද්දියො ටික,විලි ලැජ්ජාවෙ බෑ සමහර ටී ශර්ට් ඇදගෙන යන හැටි දැක්කම ඒවයෙ ලියල තියෙන්නෙ වචන දැක්කම .මුන්ට ඉංග්‍රීසි කියවල තෙරුන් ගන්න බැරිනන් අඩුමගානෙ ඉංග්‍රීසි නොලියපු ඒව ඇදගෙන යනන් එපැයි. 

ලංකාවට ගිය කලක්.

මොනව වෙත්තත් වරද ඒක පාර්ශ්වික නොවේ,සදාචරයක් නැති වදන් ඇදුම් වල ප්‍රින්ට් කරන අය ගැනද සලකා බැලිය යුතුමය.

කුනුහරුප,සදාචාරයක් නැති වචන සහ දෙපැත්ත කැපෙන වචන ඇඳුම් වල ප්‍රින්ට් කරන අපේ මිනිසුන් ගැන සොයා බලා එයට නිසි ක්‍රියා මාර්ගයන් නොගත්තහොත් මොනවායින් මොනවා වේදැයි කීමට නොහැකිවනු ඇත,

වග කිවයුතු නිලධාරීන් ඒ පිලිබඳව අවධානය යොමු කල යුතු කාලය එලඹ ඇත.


විලි වහ ගන්නට කියා විලි ලැජ්ජාවක් නැති වචන සහිත ඇදුම් ඇදගෙන යනවාට වඩා ඇදුම් නැතිව යෑම ගැන දෙසැරයක් සිතන්නට වෙයිදැයි සිතා බලා කටයුතු කලොත් ලංකාව තව කලක් ලංකාවම ලෙසම තිබෙනු ඇත.නැතහොත් ඇමරිකාව සහ ලංකාව භූ විද්යාත්මකව පමණක් වෙනස් වනු ඇත.

ගොඩ සුද්දන් සුද්දියන් වෙන්න උඩ පනින ලංකාවේ තරුණයනි,තරුණියනි ඔබ කරන දෙය දෙසැරයක හිතා බලා කෙරුවොත් හොඳයි නේද?



Tuesday, March 24, 2009

සිනා පිපෙනා මේ වසන්තය-හිතුවෙ වත් නැති වෙලාවක හිතට ලං වෙච්ච කෙනෙක් වෙනුවෙන්

හිතුවෙ වත් නැති වෙලාවක හිතට ලං වෙච්ච කෙනෙක් වෙනුවෙන්

සිනා පිපෙනා මේ වසන්තය

නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ! ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ........................!

හදවතට දැනෙන දෙය සොයා යන්න

හදවතට දැනෙන දෙය සොයා යන්න

සමහර විටෙක ඉරණම ඔබගේ හිසට ගඩොල් පහරක් දෙයි.එහෙත් විශ්වාසය අත් නොහරින්න.මා නොනැවතී ඉදිරියට ගෙනගිය බලවේගය වූයේ,කළ දෙය කෙරෙහි වූ මාගේ බලවත් ආසාවයි.ඔබ කැමති මොනවාටදැයි ඔබ තෙරුම් ගත යුතුය,ඔබගේ කාර්ය භාරය ,වැඩ ඔබගේ ජීවිතයේ විශාල කොටසක් වනු ඇත.සත්ය වශයෙන්ම සෑහීමකට පත්වීමට නම් ඔබ විශිශ්ඨ දෙයකැයි සිතන දෙය කළ යුතුය.විශිශ්ඨ දෙය කිරීමේ එකම මග ඔබ කරන දෙය ගැන ඔබ තුල ඇති කැමැත්තයි.එය ඔබට තවමත් දැනී නැත්නම්,එය සොයා යන්න.නිහඬ නොවන්න.සිතට සබැඳි සියලුම කාරණා මෙන්ම ඔබටද එය අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත.අනෙක් ඕනෑම විශිශ්ඨ සබඳතාවයකදී මෙන් වසර ගණනාවක් ගෙවී යනවිට එය ක්‍රමයෙන් හොඳ අතට හැරෙයි.ඉදින් අවැසි දෙය ලැබෙනතුරු සොයා යන්න.නිහඬ නොවන්න

පරිවර්තනය : සුමිත්‍රා රාහුබද්ධ

ස්ටීවන් පෝල් ජොබ්ස් (ඇපල් සමාගමේ සම-ආදි කර්තෘ, සභාපති ) ගේ චරිත කතාව ඇසුරිනී



Wednesday, March 18, 2009

ජීවිතය

ජීවිතය

ඕනකමක් තිබුනත් කාලෙකින් නොලියූ ඇත්ත,
හිතා ගන්න බැරි විදියට අවුල් වෙලා හිත,

අනේ මන්ද ,හිතා ගන්න කවදා වත් බැරි වෙයි.ජීවිතය කියන්නෙ මොකක්ද කියල,

අපි කැමතිම දේ නොලැබෙන,අකමැති දේ ලැබෙන .....................

ජීවිතේ කියන්නෙ කවද කවුරු තේරුම් අරගන්න දෙයක් ද කියල හිතෙනව,ඒක තෙරුම් ගන්න බැරි එකනන් ලෝකෙ අවසනාවන්තම දෙයක් තමයි.

මේ පැටලවිලි අස්සෙ ආදරේ ඔක්කොටම වැඩිය අවුලක නේද ?

කාට ආදරේ කරන්නද,කවුරු ආදරේ කරනවද කියන එක කොහොමද දැන ගන්නෙ?

Km, Kg වගේ මනින්න පුලුවන්නන් ඇත්ත දැන ගන්න පුලුවන්.


ආදරය කියන එක අනිවාර්යයෙන්ම ප්‍රකාශ වෙනන් ඔන,කොයිතරම් ආදරේ කලත් හිතින්, ඒක වෙන කිසිම කෙනෙකුට දැන ගන්න බැරි බව නොදැන සිටීමම ඇති අලුත් ප්‍රශ්නයක් ඇති කරගෙන ඒක මත ජීවිතේ වනස ගන්න.

ආදරේ අනිවාර්යයෙන්ම ප්‍රකාශ වෙනන් ඔන දෙයක්,හිත ඇතුලෙ තියාගෙන ඉන්න ඕන දෙයක් නෙවේ.කාට උනත් ඒක පොදුයි.


ආදරේ කියන්නෙ උපරිම විදියට දෙන්න ඕන , ලබන්න ඕන දෙයක්,

ඒකෙ අඩුවක් උනොත් කොයිම මොහොතක හරි මොනම හරි හේතුවක් නිසා හරි ඒක බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා මැරෙයි,ආදරේ මදිවෙලා හුස්ම ගන්න අමතක වෙයි,

ඒ අතරට සැකය ,දෙයියනේ මොනතරම් දේවල් එකතු කරයිද ජීවිතේට,

ආදරේ අතරට සැකය කොහෙත්ම එන්න හොඳ නෑ.

කෙනෙකුගෙ ජීවිතේ පවතින්නෙ තව කෙනෙක් ගෙ ආදරේ මතම විතරයි.

මොන චන්ඩියත් ආදරේ ඉදිරියෙ යටත් වෙනව,

ආදරේ උපරිමටම තව කෙනෙකුට දෙන්න බැරි නන් පටන් ගන්න එපා ආදරය කරන්න.

අවුල් ගොඩක් තියෙන මේ පැටලිලි ජීවිතේ හිතා ගනන් බැරි විදියට වෙනස් වෙන හිත් එක්ක අපි මැරෙනකන් කරන මේ යුද්ධය නිවන් දකින තුරුම කරන්න වෙන එක තමයි ඇත්ත,

අනේ මන්ද කිසිම ගැලපීමක් තියෙනවද කියල මේ වචන වල,


Tuesday, February 17, 2009

දවස

දවස

ගෙවිල ගිහින් ඉවරයි නොදැනීම
ආපස්සට හැරිල බැලුවොත් 
කරපු දෙයක් තියෙනව නම් හෙට වෙනුවෙන් කියල
ඒක තමයි දවසේ වැදගත්ම දේ

Sunday, February 15, 2009

ඔහු

අපි නිදන වෙලවෙ නිදි නැහැ
අපි අවදියෙන් සිටිද්දි
එත් නිදි නැහැ
මොනව කරනවද ?
රකිනවා රකිනවා.
කාවද?
අපි.
අපි නිදනකන්,ඇහැරිල ඉන්නකන්.

කැරපොත්තෙක් දැක්කොත් මර ලතෝනිය
ඊ ........................යා
විකාර
එත් දෙයියනේ
ඉස්සරහ ඉන්නෙ කැරපොත්තෙක් වගෙ අහිංසක සතෙක්ද?
නෑ නෑ නෑ
මරණය මරණය,
කෑ ගහන්නද? පුටු උඩ නගින්නද?
බෑ බෑ
ශක්තිය හිතට ගතට දෙකටම අරගෙන
නැගෙනව ඇරෙන්නට
එරෙහි වෙන්නන් දුරටම පන්නා දමන්නට.

තුන් වේලෙන් එකක් හරි මග හැරුනොත්
ලඟ ඉන්න එකා අල්ලගෙන කන්න හදනවා
එත් බලනකොට
දවස් ගානකින් කාල නෑ තුන් වේලෙන් එක වේලක්වත්
ලඟම ඉන්න කෙනා අල්ලගෙන කන්නද?
බෑ කොහෙත්ම බෑ
ඔහුත් එහෙමමයි
කෑමක් දැකලවත් නෑ ටික දවසකින්ම

වතුර උණු කර නිවා පෙරා පානය කරන්න
කෑමට පෙර සබන් දා හොඳින් අත් සොදන්න
අර සබන් ගාන්න මේ සබන් ගාන්න
TV  එකෙත් කියන්නෙ
හොඳ පුරුදු
කොහොම මේව කරන්නද 
බොන්නවත් වතුර පොදක් නැතිව
එහෙම හිතෙනව ඇති ඔහුට

දවසකුත් වෙන් කරල තිබුනෙ
මහ ඉහලින් සමරන්න
ආදරෙත් විකිණිලා තරඟෙට
අබුද්දස්ස කාලෙනෙ,
පෙම්වතියක් හිටියද? දාලත් ගිහින් ඇති
මාස ගානකින් SMS එකක්වත් යැවුවයැ
දෑස කොහොම අරමුණින් ගන්නද?
Phone එක ගන්නවත්............
වවුලො වගෙ කොහොම එල්ලිල ඉන්නද දවස පුරාම
Plan එක කොයි තරම් Simple උනත්
අරුන් කරට නැගල බල්ටි ගහයි

"අ" යනු "ම්" යනු "මා" යනුත් අමතකයි
ලියුමක් වත් යැවුවෙ නෑ කාලෙකින් ගෙදරට
එත් හිත ශක්තිමත්............
ලොකු අරමුණක් නිසා

පුතා මොනවද දැන් කරන්නෙ?
"MSc" "PhD" "CIMA" ?
දෙයියනේ 
මේ මොකුත් මට නැහැනෙ
හිතුණද නුඹ මහ මොඩයෙක් කියල?
නුඹ නැති කල උපාධි තොප්පිය සොහොන් කොතේ තියන්නද?
හැමෝටම පේන්න,
ණුවනක්කරයො ඔක්කොම නුඹෙන් රැකෙන්නෙ
දුක් නොවී ඉන්න

කෝ ඩෙනිම්,T-ශර්ට්?
කැමති නැතුවද අඳින්න ඒව?
නෑ කැමතියි

ඒව කොහෙ අඳින්නද,ඇඳගෙන ඉන්න එක ඇඟේ හමට බද්ද වෙලා
වෙලවක් නෑ ඒක හෝද ගන්නවත්
වැස්සට හේදිල අව්වට වේලුනොත් ඇරෙන්න ඇඟෙදිම.

තරුණ කලේ ,ගින්දර වගේලු
හැගීම් ,ආසාවන්,දඟකාරකම් අහස උසට
කෝ ඒ දඟ වැඩ නුඹ ලඟ
හිර වෙලාද සිතිවිලි?
හිර කරලද?
හිත මිදිලද?
නෑ එහෙම නෑ
කැපකරල,
කා වෙනුවෙන්ද?
අපි වෙනුවෙන් අපේ හෙට වෙනුවෙන්


මම කොහොමද උදවු කරන්නෙ?

තිස් තුන් කෝටියක් දෙවි දේවතාවො
තුණ් රුවන් බලෙත් අරගෙන
නුඹව රකින්න කියනව ඇරෙන්නට හැමදාම
නොවන්නට අතුරු අන්තරාවක් නුඹට

Saturday, February 14, 2009

මිනිස්සු එක්ක ඉන්න තරමට තමයි මිනිස්සු අදුරගන්න පුලුවන් වෙන්නෙ කියල කවුදෝ කිවුවලු.

Friday, February 13, 2009

Wednesday, February 11, 2009

Adaraya

අහස නුඹ වේ නම්
සඳ මම නොවන බව දනිමි
පොලව වී මම
ඔබ දිහා බලා ඉන්නම්,හැමදාම දුර ඉදන්
පසක් කරගෙන ඔබ මට ලන් නොවන බව. 
but
සිහින දකින්නෙමි හැමදාම
සරා සඳ වන්නට
අහස් ගැබ
එලිය කරන්නට

Love

අදරේ අහස තරම්

අහසටත් වඩා උඩින්

තරු සමග දඟ කරල

උනුසුමෙන් වෙලීලා

සඳෙන් සීතල වෙලා

වලාකුලකට නැගී

පාවෙලා පාවෙලා

ඈතටම ගිහිල්ලා

දේදුන්නකට වී

ඉන්නවා හැමදාම

ආදරේ පැහැයෙන්ම වර්ණවත් වී




Tuesday, February 10, 2009

Success of the Life

Success is not the key to happiness. Happiness is the key to success. If you love what you are doing, you will be successful ... Have a Successful day ahead!!!