Wednesday, March 25, 2009

දේවදත්ත පංසල් ඇවිත් -ප්‍රසිද්ධ ඊ-මේල් එක ගැන

දේවදත්ත පංසල් ඇවිත්

පහුගිය දින වලදී කාගෙ කාගෙත් අවදනයට යොමුවු ප්‍රසිද්ධ ඊ මේල් එක ගැන කතා කරන්නයි මේ සැරසෙන්නේ,

කැලණි පංසල ඇවිත් සිටිය ගැටවරයා විසින් ඇදගෙන සිටි ටී ශර්ට් එකේ තිබුන වදන ගැන හැමෝම දකින්න ඇතිනෙ.

දැන ගෙන හෝ නොදැන ගෙන වෙන්න ඇති ඒ මෝඩ දරුව ඒක අදින්න එත්තෙ,නොදනින්න තරම් සිගිති දරුවෙක් නෙවේ කියන එක නන් ඕන කෙනෙකුට තේරෙනව.

ලංකාවෙ ඉන්න ගොඩ සුද්දො වෙන්න දඟලන අපේ යවුවනයො ගැන අනුකංපාවක් ම තමයි ඇති වෙන්නෙ.

කොල්ලොන්ට හපන් අපෙ මෝඩ ගොඩ සුද්දියො ටික,විලි ලැජ්ජාවෙ බෑ සමහර ටී ශර්ට් ඇදගෙන යන හැටි දැක්කම ඒවයෙ ලියල තියෙන්නෙ වචන දැක්කම .මුන්ට ඉංග්‍රීසි කියවල තෙරුන් ගන්න බැරිනන් අඩුමගානෙ ඉංග්‍රීසි නොලියපු ඒව ඇදගෙන යනන් එපැයි. 

ලංකාවට ගිය කලක්.

මොනව වෙත්තත් වරද ඒක පාර්ශ්වික නොවේ,සදාචරයක් නැති වදන් ඇදුම් වල ප්‍රින්ට් කරන අය ගැනද සලකා බැලිය යුතුමය.

කුනුහරුප,සදාචාරයක් නැති වචන සහ දෙපැත්ත කැපෙන වචන ඇඳුම් වල ප්‍රින්ට් කරන අපේ මිනිසුන් ගැන සොයා බලා එයට නිසි ක්‍රියා මාර්ගයන් නොගත්තහොත් මොනවායින් මොනවා වේදැයි කීමට නොහැකිවනු ඇත,

වග කිවයුතු නිලධාරීන් ඒ පිලිබඳව අවධානය යොමු කල යුතු කාලය එලඹ ඇත.


විලි වහ ගන්නට කියා විලි ලැජ්ජාවක් නැති වචන සහිත ඇදුම් ඇදගෙන යනවාට වඩා ඇදුම් නැතිව යෑම ගැන දෙසැරයක් සිතන්නට වෙයිදැයි සිතා බලා කටයුතු කලොත් ලංකාව තව කලක් ලංකාවම ලෙසම තිබෙනු ඇත.නැතහොත් ඇමරිකාව සහ ලංකාව භූ විද්යාත්මකව පමණක් වෙනස් වනු ඇත.

ගොඩ සුද්දන් සුද්දියන් වෙන්න උඩ පනින ලංකාවේ තරුණයනි,තරුණියනි ඔබ කරන දෙය දෙසැරයක හිතා බලා කෙරුවොත් හොඳයි නේද?



Tuesday, March 24, 2009

සිනා පිපෙනා මේ වසන්තය-හිතුවෙ වත් නැති වෙලාවක හිතට ලං වෙච්ච කෙනෙක් වෙනුවෙන්

හිතුවෙ වත් නැති වෙලාවක හිතට ලං වෙච්ච කෙනෙක් වෙනුවෙන්

සිනා පිපෙනා මේ වසන්තය

නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ! ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ........................!

හදවතට දැනෙන දෙය සොයා යන්න

හදවතට දැනෙන දෙය සොයා යන්න

සමහර විටෙක ඉරණම ඔබගේ හිසට ගඩොල් පහරක් දෙයි.එහෙත් විශ්වාසය අත් නොහරින්න.මා නොනැවතී ඉදිරියට ගෙනගිය බලවේගය වූයේ,කළ දෙය කෙරෙහි වූ මාගේ බලවත් ආසාවයි.ඔබ කැමති මොනවාටදැයි ඔබ තෙරුම් ගත යුතුය,ඔබගේ කාර්ය භාරය ,වැඩ ඔබගේ ජීවිතයේ විශාල කොටසක් වනු ඇත.සත්ය වශයෙන්ම සෑහීමකට පත්වීමට නම් ඔබ විශිශ්ඨ දෙයකැයි සිතන දෙය කළ යුතුය.විශිශ්ඨ දෙය කිරීමේ එකම මග ඔබ කරන දෙය ගැන ඔබ තුල ඇති කැමැත්තයි.එය ඔබට තවමත් දැනී නැත්නම්,එය සොයා යන්න.නිහඬ නොවන්න.සිතට සබැඳි සියලුම කාරණා මෙන්ම ඔබටද එය අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත.අනෙක් ඕනෑම විශිශ්ඨ සබඳතාවයකදී මෙන් වසර ගණනාවක් ගෙවී යනවිට එය ක්‍රමයෙන් හොඳ අතට හැරෙයි.ඉදින් අවැසි දෙය ලැබෙනතුරු සොයා යන්න.නිහඬ නොවන්න

පරිවර්තනය : සුමිත්‍රා රාහුබද්ධ

ස්ටීවන් පෝල් ජොබ්ස් (ඇපල් සමාගමේ සම-ආදි කර්තෘ, සභාපති ) ගේ චරිත කතාව ඇසුරිනී



Wednesday, March 18, 2009

ජීවිතය

ජීවිතය

ඕනකමක් තිබුනත් කාලෙකින් නොලියූ ඇත්ත,
හිතා ගන්න බැරි විදියට අවුල් වෙලා හිත,

අනේ මන්ද ,හිතා ගන්න කවදා වත් බැරි වෙයි.ජීවිතය කියන්නෙ මොකක්ද කියල,

අපි කැමතිම දේ නොලැබෙන,අකමැති දේ ලැබෙන .....................

ජීවිතේ කියන්නෙ කවද කවුරු තේරුම් අරගන්න දෙයක් ද කියල හිතෙනව,ඒක තෙරුම් ගන්න බැරි එකනන් ලෝකෙ අවසනාවන්තම දෙයක් තමයි.

මේ පැටලවිලි අස්සෙ ආදරේ ඔක්කොටම වැඩිය අවුලක නේද ?

කාට ආදරේ කරන්නද,කවුරු ආදරේ කරනවද කියන එක කොහොමද දැන ගන්නෙ?

Km, Kg වගේ මනින්න පුලුවන්නන් ඇත්ත දැන ගන්න පුලුවන්.


ආදරය කියන එක අනිවාර්යයෙන්ම ප්‍රකාශ වෙනන් ඔන,කොයිතරම් ආදරේ කලත් හිතින්, ඒක වෙන කිසිම කෙනෙකුට දැන ගන්න බැරි බව නොදැන සිටීමම ඇති අලුත් ප්‍රශ්නයක් ඇති කරගෙන ඒක මත ජීවිතේ වනස ගන්න.

ආදරේ අනිවාර්යයෙන්ම ප්‍රකාශ වෙනන් ඔන දෙයක්,හිත ඇතුලෙ තියාගෙන ඉන්න ඕන දෙයක් නෙවේ.කාට උනත් ඒක පොදුයි.


ආදරේ කියන්නෙ උපරිම විදියට දෙන්න ඕන , ලබන්න ඕන දෙයක්,

ඒකෙ අඩුවක් උනොත් කොයිම මොහොතක හරි මොනම හරි හේතුවක් නිසා හරි ඒක බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා මැරෙයි,ආදරේ මදිවෙලා හුස්ම ගන්න අමතක වෙයි,

ඒ අතරට සැකය ,දෙයියනේ මොනතරම් දේවල් එකතු කරයිද ජීවිතේට,

ආදරේ අතරට සැකය කොහෙත්ම එන්න හොඳ නෑ.

කෙනෙකුගෙ ජීවිතේ පවතින්නෙ තව කෙනෙක් ගෙ ආදරේ මතම විතරයි.

මොන චන්ඩියත් ආදරේ ඉදිරියෙ යටත් වෙනව,

ආදරේ උපරිමටම තව කෙනෙකුට දෙන්න බැරි නන් පටන් ගන්න එපා ආදරය කරන්න.

අවුල් ගොඩක් තියෙන මේ පැටලිලි ජීවිතේ හිතා ගනන් බැරි විදියට වෙනස් වෙන හිත් එක්ක අපි මැරෙනකන් කරන මේ යුද්ධය නිවන් දකින තුරුම කරන්න වෙන එක තමයි ඇත්ත,

අනේ මන්ද කිසිම ගැලපීමක් තියෙනවද කියල මේ වචන වල,