Wednesday, March 25, 2009

දේවදත්ත පංසල් ඇවිත් -ප්‍රසිද්ධ ඊ-මේල් එක ගැන

දේවදත්ත පංසල් ඇවිත්

පහුගිය දින වලදී කාගෙ කාගෙත් අවදනයට යොමුවු ප්‍රසිද්ධ ඊ මේල් එක ගැන කතා කරන්නයි මේ සැරසෙන්නේ,

කැලණි පංසල ඇවිත් සිටිය ගැටවරයා විසින් ඇදගෙන සිටි ටී ශර්ට් එකේ තිබුන වදන ගැන හැමෝම දකින්න ඇතිනෙ.

දැන ගෙන හෝ නොදැන ගෙන වෙන්න ඇති ඒ මෝඩ දරුව ඒක අදින්න එත්තෙ,නොදනින්න තරම් සිගිති දරුවෙක් නෙවේ කියන එක නන් ඕන කෙනෙකුට තේරෙනව.

ලංකාවෙ ඉන්න ගොඩ සුද්දො වෙන්න දඟලන අපේ යවුවනයො ගැන අනුකංපාවක් ම තමයි ඇති වෙන්නෙ.

කොල්ලොන්ට හපන් අපෙ මෝඩ ගොඩ සුද්දියො ටික,විලි ලැජ්ජාවෙ බෑ සමහර ටී ශර්ට් ඇදගෙන යන හැටි දැක්කම ඒවයෙ ලියල තියෙන්නෙ වචන දැක්කම .මුන්ට ඉංග්‍රීසි කියවල තෙරුන් ගන්න බැරිනන් අඩුමගානෙ ඉංග්‍රීසි නොලියපු ඒව ඇදගෙන යනන් එපැයි. 

ලංකාවට ගිය කලක්.

මොනව වෙත්තත් වරද ඒක පාර්ශ්වික නොවේ,සදාචරයක් නැති වදන් ඇදුම් වල ප්‍රින්ට් කරන අය ගැනද සලකා බැලිය යුතුමය.

කුනුහරුප,සදාචාරයක් නැති වචන සහ දෙපැත්ත කැපෙන වචන ඇඳුම් වල ප්‍රින්ට් කරන අපේ මිනිසුන් ගැන සොයා බලා එයට නිසි ක්‍රියා මාර්ගයන් නොගත්තහොත් මොනවායින් මොනවා වේදැයි කීමට නොහැකිවනු ඇත,

වග කිවයුතු නිලධාරීන් ඒ පිලිබඳව අවධානය යොමු කල යුතු කාලය එලඹ ඇත.


විලි වහ ගන්නට කියා විලි ලැජ්ජාවක් නැති වචන සහිත ඇදුම් ඇදගෙන යනවාට වඩා ඇදුම් නැතිව යෑම ගැන දෙසැරයක් සිතන්නට වෙයිදැයි සිතා බලා කටයුතු කලොත් ලංකාව තව කලක් ලංකාවම ලෙසම තිබෙනු ඇත.නැතහොත් ඇමරිකාව සහ ලංකාව භූ විද්යාත්මකව පමණක් වෙනස් වනු ඇත.

ගොඩ සුද්දන් සුද්දියන් වෙන්න උඩ පනින ලංකාවේ තරුණයනි,තරුණියනි ඔබ කරන දෙය දෙසැරයක හිතා බලා කෙරුවොත් හොඳයි නේද?



4 comments:

  1. සුද්දෙක් සුද්දියක් පාරේ හෙලුවෙන් දිව්වොත් එකත් අනුකරනය කරන්න හදන අය මෙ රටෙ ඉන්නවානේ අක්කේ

    ReplyDelete
  2. එහෙම කරන්නෙ මම කියපු ජාතියෙ ගොඩ සුද්දො වෙන්න හදන මැට්ටො තමයි.ඔලු කට්ට ඇතුලෙ අබ ඇටයක් වත් මොලයක් නැති උන්.

    ReplyDelete
  3. මම දවසක් දැක්ක ෂර්ට් එකක ලියලා තිබ්බා
    Married but Available කියලා. හිහි

    ReplyDelete